ත්‍රිකුණාමලය, මන්නාරම, වව්නියාව, මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්ක සඳහාත් උතුරු මැද පළාතේ හා මඩකලපුව, අම්පාර, කුරුණෑගල හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන සඳහා උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට (13දා)ට වලංගු වන පරිදි මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ.