උණවටුන ප්රදේශයේ මුහුදු වෙරළ නැරඹීමට පැමිණි 5 දෙනෙකුගේ යුත් පිරිසක් කඳු ගැටයක් මත සිටින විට එක්වරම පැමිනි මුහුදු රළ පහරකට හසුව කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු දියේ ගසාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
දියේ ගිලී සිටි කාන්තාව බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ. මරණකාරය අවුරුදු 29ක් වන දෙහිවල පාර මහරගම ලිපිනයේ පදිංචි හචිනි ෆොන්සේකා නැමැත්තියකි. අතුරුදන්ව ඇති පුද්ගලයා පිලාන, වංචාවල පදිංචි බර්නාඩ් ඉෂාර නැමැත්තෙකි.