මත්තෙගොඩ, සමගි උයන ප්රදේශයේ තෙමහල් ගොඩනැඟිල්ලකින් පැන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන ඇත.
අදාළ පුද්ගලයා සිය ඥාති නිවසකට ගොස් එහි නිවැසියන් සමග ඉහළ මාලයේ රැඳී සිටියදී එකවර බිමට පැන ඇති බව පොලීසිය සඳහන් කරයි.
මියගොස් ඇත්තේ 34 හැවිරිදි මත්තේගොඩ ප්රදේශයේ පදිංචිව සිටි අයෙකි.
මූලික මහේස්ත්රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර මත්තේගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
