උඩප්පුව ගම්මානයේ කොරෝනා ආසාදිතයින් සංඛාව ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
සෞඛ්‍ය අංශ පවසන්නේ උඩප්පුව ගම්මානයේ කොරෝනා ආසාදිතයින් 30කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වි ඇති බවයි.
මෙම ආසාදිතයින් අතරින් බහුතරයක් කිරියන්නල්ලිය සැමන් කර්මාන්ත ශාලාවේ සේවය කල හා මාරවිල ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කල පිරිස් බවට හදුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
කෙසේ නමුත් උඩප්පුව ගම්මානය තුළ බහුතරයක් ජනතාව මුඛ ආවර්ණ පැලදිම අඩුවිමත් ඇතුළු සෞඛ්‍ය හුරු පුරුදු වලින් ඇත්වි සිටිම බව වාර්තා වෙයි .
කෙසේ නමුත් උඩප්පුව පොලිසිය හා සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් ජනතාව සෞඛ්‍ය හුරු පුරුදු වලට ජනතාව යොමු කරමින් සිටින බවයි