කටුගස්තොට පොලිස් වසමේ උගුරැස්සපිටිය මුස්ලිම් දේවස්ථානයේ සිකුරාදා දේව මෙහෙයට සහභාගි වූ ආයෙ කොට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම දේව මෙහෙයට සහභාගි වූ සියලුම පුද්ගලයන්ගේ නිවාසවල සාමාජිකයන් සහ කොවිඩ් ආසාදිතයාගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට කටුගස්තොට පොලිස් නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් පියවර ගෙන තිබේ .
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු බව කියන එම කොවිඩ් ආසාදිතයාගේ සමීපතම ආශ්‍රිතයින් හා දේව මෙහෙයට සහභාගි වූ පුද්ගලයන් (28) දිනය පුරා සොයමින් ඔවුන් නිරෝධායනයට යොමු කිරීමට බලධාරීන් පියවර සිටින ආකාරය දැක ගත හැකි විය . ඒ අනුව උගුරැස්ස පිටිය ප්‍රදේශයේ නිවාස 45ක පුද්ගලයන් 200 දෙනකු පමණ (28) සවස් කාලය වනවිට නිරෝධායනයට යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණ අතර තවදුරටත් එම මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පැවතුණි .
ෂේන් සෙනෙවිරත්න