නව කොරෝනා වෛරසය ආසාදිතයන් දරුණු ලෙස ඉහළ යෑම මධ්‍යයේ ඊශ්‍රායලය මේ සතියේ දී රට පුරා දැඩි නව අගුලු දැමීමක් සිදු කරනු ඇති බව කියයි.
අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු රූපවාහිනී කතාවකින් මේ බව නිවේදනය කළේය.
ඒ අනුව සිකුරාදා සිට යුදෙව් අලුත් අවුරුද්දට පෙර පාසල්, අවන්හල්, වෙළෙඳ සැල් සහ හෝටල් ඇතුළු අනෙකුත් ව්‍යාපාර වසා දමා චලනය සඳහා සීමා පැනවෙනු ඇත.
සෞඛ්‍යාරක්ෂාව මත පදනම්ව පියවරයන් ලිහිල් කිරීම සඳහා මෙම අගුලු දැමීම අවම වශයෙන් සති තුනක්වත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.