ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 137 දෙනාගෙන් 127ක්ම කුවේටයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පිරිස් බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
ඉතිරි 10 දෙනා නාවික හමුදා රණවිරුවන්ය. ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 1319ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 10කි. ආසාදිතයන් 712 සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් රෝගීන් 597ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.