ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරිම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
ඊයේ කොවිඩ් ආසාදිතයන් 468 ක් වාර්තා වී ඇති අතර ඉන් 464ක් දේශීයව හඳුනාගෙන ඇති අය වන අතර ඉතිරි දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වෙයි.
ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 282කි.
ගම්පහින් කොවිඩ් ආසාදිතන් 43ක් හා කළුතරින් කොවිඩ් ආසාදිතයන් 10ක් ලෙස බස්නාහිර පළාතෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබේ.