කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 63ක් ඊයේ වාර්තා වූ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. මේ අතරින් දෙදෙනෙක් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අය වෙති.
ඉතිරි පුද්ගලයන් 61 දෙනා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ අය වෙති. මේ අනුව මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධව මේ දක්ව වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 2077කි. ඉන් පුද්ගලයන් 1041ක් ඇඟළුම් කම්හලේ සේවකයන් වන අතර ඉතිරි පුද්ගලයන් 1036 ඔවුන්ගේ ආශ්‍රිතයන් වෙයි.