ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයන් 121ක් ඊයේ දිනයේදී හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
මේ අතරින් 6 දෙනෙකු විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි 115 මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ අය වෙති.
මේ වනවිට මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති රෝගීන් සංක්‍යාව 2016කි. මෙයින් පුද්ගලයන් 1041ක් ඇඟළුම් කම්හලේ සේවකයන් වන අතර ඉතිරි 975 ඔවුන්ගේ ආශ්‍රිතයන් වෙයි.