ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 3466 දෙනෙකු හමුවුණා.
ඒ සමග සමස්ත ආසාදිත පිරිස තුන්ලක්ෂ හැට දෙදහස ඉක්මවා ගියා.
කොරෝනා ආසාදිතයන් 3466 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වුණා.
මේ අතුරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයට අයත්. එම සංඛ්‍යාව 654ක් වනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් 398 දෙනෙකු ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 298 දෙනෙකු ද හදුනා ගැනුණා.
මේ අනුව මෙරටින් හමුවූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තුන්ලක්ෂ හැට දෙදහස් හැත්තෑ හතරක් වනවා. මේ අතුරින් හතලිස් තුන්දහස් නවසිය විසි එක් දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
තුන් ලක්ෂ දොළොස් දහස් පනස් හත් දෙනෙකු සුවය ලැබුවා. ඊයේ දිනයේ වාර්තා කළ කොරෝනා මරණ 167 සමගින් සමස්ත මරණ 6263ක් සිදුව තිබෙනවා. කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු වව්නියාව කලාප අධ්‍යාපන කාර්යාලයෙන් හමුවීමත් සමග එම කාර්යාලයේ සෙසු නිලධාරීන් අද දිනයේ පීසීආර් පරික්ෂණවලට යොමු කෙරුණා. අද දිනයේ සිට එම කාර්යාලයට ඇතුළු වීම ද සීමා කර තිබෙනවා.
හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් 11 දෙනෙකු ඇතුළු එම නගර සභා සීමාවේ තිස් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.