ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 969 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
ඒ අතරින් පුද්ගලයින් 38 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන බවත් ඉතිරි පුද්ගලයින් 931 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවද එම මධ්‍යස්ථානය පවසයි.
හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 251 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 236 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 194 දෙනෙකු වාර්තා වේ. සෙසු ආසාදිතයන් දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වෙයි.
අද (24) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 99,690 ක් වන අතර ඉන් පුද්ගලයින් 94,035 පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (24) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 5,021 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.
අද (24) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 151 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.අද (24) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී කිසිදු පුද්ගලයෙකු මියගොස් නොමැත. ඒ අනුව අද (24) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 634 ක් වේ.
අද (24) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 111 ක් තුළ පුද්ගලයින් 10,643 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.
ඊයේ (23) දිනය තුල PCR පරික්ෂණ 12,439 ක් සිදුකර ඇත.