අද (25) දින උදෑසන වනවිට කොවිඩ් 19 ආසාදිත පුදගලයන් 843ක් ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීම් ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.පුද්ගලයින් අතරින් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වෙයි.
ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 480 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 86 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 72 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 203 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ. ඒ අනුව ඊයේ දිනයේදීත් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.
අද දින උදෑසන වනවිට, කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 54,529 වේ. ඉන් පුද්ගලයින් 44,527 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.
අද (25) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 58,429 ක් වන අතර ඉන් පුද්ගලයින් 49,683 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (25) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 8,463 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.
අද (25) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 423 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
අද (25) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 03 දෙදෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් මරදාන, කොළඹ 14 සහ පූජාපිටිය යන ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 283 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද (25) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 94 ක් තුළ පුද්ගලයින් 7,812 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.
ඊයේ (24) දිනය තුල PCR පරික්ෂණ 17,523 ක් සිදුකර ඇත.