ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 494 දෙනෙකු අද (18) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති බවත් මින් 80 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් පිරිසක් සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 තුලආසාදිතයින් 202 ක් රෝහල් ගතව ඇති බව සදහන් කළ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා , ආසාදිතයින් 302 දෙනෙකු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ක්ෂේත්රයෙන් සිදු කළ පරීක්ෂා පී සී ආර් පරීක්ෂණවලින්ද, 192 දෙනෙකු රෝහල් මගින් සිදු කළ පරීක්ෂා වන්හිදීද හමුව ඇති බවත් පැවසීය.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය 15 අතුරින් වැඩිම ආසාදිතයින් පිරිසක් මිනුවන්ගොඩ කොට්ඨාසයෙන් - 73 ක්, වත්තල - 51 ක්, මහර - 50 ක්, අත්තනගල්ල සහ බියගම කොට්ඨාසයන්ගෙන් 34 බැගින්ද, මීරිගම - 30 ක්, දොම්පෙ සහ ජාඇල - 25 ක් බැගින්ද, කටාන - 22 - ක්, දිවුලපිටිය සහ ගම්පහ - 15 බැගින්ද, මීගමුව - 14 ක් සහ රාගම කොට්ඨාසයෙන් 5 දෙනෙකු වශයෙන් හමුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
නිදහස් වෙළඳ කලාපයේ කටුනායක කර්මාන්තශාලාවලින් ආසාදිතයින් 43 දෙනෙකු හමුව ඇති අතර ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 15, 694 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
ඊයේ උදෑසන වනවිට පුද්ගලයින් 2,62,617 දෙනෙකු පී සී ආර් පරීක්ෂණයකට භාජනය කොට ඇති අතර" සයිනොපාම්" එන්නත දිස්ත්‍රික්කයෙහි පුද්ගලයින් 1,62,682 දෙනෙකු සදහා ලබාදීමට පියවර ගෙන ඇත.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා ප්‍රකාශ කොට සිටියේ , යළි යළිත් ජනතාවට සිහිපත් කිරීමට සිදුව ඇත්තේ සංචරණය හැකිතාක් දුරට සීමා කරමින් , හදුන්වා දී ඇති සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් දැඩිව අනුගමනය කරමින් කටයුතු කරන ලෙසය.
ගම්පහ තිලකරත්න දිසානායක