ගතවූ පැය 24 තුළ කොවිඩ් -19 වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
එම ආසාදිතයින් සංඛ්‍යාව 318කි.
ඊට අමතරව ගම්පහ 195ක්, ගාල්ල 114ක්, අම්පාර 111ක් වශයෙන් ඊයේ ආසාදිතයින් වාර්තා වී තිබේ.
කොවිඩ් ආසාදිතයින් 1,484 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වී තිබුණි.
තවත් කොවිඩ් මරණ 50ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,661 ක් දක්වා ඉහළ ගියේය.
ජූලි මස 14 වන දින එම මරණ තහවුරු කර තිබේ.
පසුගිය ජුනි මස 23වන දිනෙන් පසු කොවිඩ් මරණ 50ක් ඉක්මවූ පළමු අවස්ථාව ලෙස ද එය වාර්තා වී ඇත.
මේ අතර මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 280,543ක් දක්වා ඉහළගොස් ඇත.