ශ්‍රී ලංකාව තුළින් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (09දා) වාර්තා විය. ඒ 2672ක් ලෙසය. මේ අතරින් පුද්ගලයන් 13ක විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වෙයි.
ඉතිරි පුද්ගලයන් 2659 දෙනා ශ්‍රී ලංකාව තුළින් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාවේ වාර්තා වූ ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 755කි.
ඉන් අනතුරව ගම්පහ (323), කළුතර(234) ක් ලෙස වැඩිම ආසාදිතයන් වාර්තා වී තිබේ. සෙසු ආසාදිතයන් 1347 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.
අලුත් අවුරුදු කාලසීමාවෙන් පසුව පමණක් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 35293කි.
ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 125905ක් දක්වා වර්ධනය වී ඇති අතර ඉන් පුද්ගලයන් 104462ක් සුවය ලබා තිබේ.
තවත් පුද්ගලයන් 20642ක් තවමත් ප්‍රතිකාර ලබන අතර වෛරසය නිසා ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 801කි. පුද්ගලයන් 6285ක් ත්‍රිවිධ හමුදාව යටතේ නිරෝධායනය වෙමින් පසුවෙති.