අද උදෑසන (07දා) 8.30ට අවසන් වූ පැය 24 තුළ දිවයිනට බලපෑ ඉහළම වර්ෂාපතනය මිල මීටර් 334.1ක් ලෙස ගාල්ල පොද්දිවෙල ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම දහවල් කාලයේදී දිවයිනේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් හා 3කින් හා පහළ ගොස් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.