බත්තරමුල්ල තලංගම පහළවෙළ ප්රදේශයේ යුද හමුදා කඳවුරක ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී,යුද හමුදා ඉංජිනේරු බලකා සෙබළකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව පිටිපන දකුණ ප්රදේශය පදිංචි රණසිංහ ආරච්චිගේ සම්පත් රණවීර නමැති ඉංජිනේරු බලකායට අනුයුක්තව සේවය කරන කාර්මික සෙබළකු බව පොලිසිය කියයි .
ඉදිකරමින් පවතින මුළුතැන්ගේ සහිත ගොඩනැගිල්ලේ ඉහළ මාලයෙන් වැටී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
අඩි 15ක පමණ ඉහළ සිට බිමට වැටීමත් සමග එම ස්ථානයේ සිටි පිරිස එක්ව අනතුරට පත් සෙ බලා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධිය වූ ස්ථානයට කඩුවෙල මහේස්ත්රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.
මත්තේගොඩ සාන්ත ප්රදීප් කුමාර කුලරත්න