ඉහළ කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්රදේශවලට අද (19) දින අලුයම සිට යලිත් ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වාන් දොරටු තුනක් අද දින පෙරවරු 10 ට පමණ විවෘත වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
එම ජලාශයේ ඉහළ ජල පෝෂක ප්රදේශවලට තද වැසි පතිත වුවහොත් එම ජලාශයේ සියලුම වාන් දොරටු ස්වයංක්රියවම විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් දැඩි විමසිල්ලලෙන් සිටින ලෙස අපදා කලමණාකාරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.