මෙරට මුල් අදියර ලෙස නිෂ්පාදන ගම්මාන තුළින් තෝරාගත් 50,000 ක ව්‍යවසායකයින්ගේ මාසික ආදායම අවම රුපියල් 30,000 ට ඉහල ආදායමක් ලැබෙන ලෙස වෙළඳපොල ශක්තිමක් කිරීමට අපේක්ෂා කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පණ්ඩිත රඹෑව ගම්මානයේ පසුගියදා (13) කුඹල් ගම්මානය ආරම්භ කරමින් රාජ්‍ය ඇමැති වරයා එසේ කීය.
පවුල් 70 කින් සමන්විත මෙම ගම්මානයේ පාරම්පරිකව කුඹල් කර්මාන්තයේ යෙදී සිටින ගම්වැසියන් සදහා ඉදිරියේදී නව වෙළඳ පොළක් ලබා දිමට සුදානම් බවද, මේ හරහා අපේ රටේ පවුල් ඒකක 50,000 ක් අතිරේඛ හෝ අමතර ආදායම් උපදවන කණ්ඩායම් බවට පරිවර්ථනය කරන බවත්, ඒ සියලුම ව්යවසායෙකයින් හට මෙරට නිෂ්පාදන වෙළඳ පොළ වටා ගොණු වූ සැපයුම් දම්වැල සකසා දෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා කීවේය.