වනජීවි හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ථා වලට අනුව 2015 සිට 2020 දක්වා පිළිවෙලින් 202, 279, 256, 319, 407 සහ 321ක් ලෙස අලි මරණ 1,784 සිදුව ඇති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂවෙන් අද (22දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලපෑම මත බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වන බවත් ඒ පිළිබද පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් එහිදී මයන්ත දිසානායක මන්ත්‍රීවරයා පැවදීය.
ඉෂිනි වික්‍රමසිංහ මහත්මියගේ අභිමතය පරිදි මිස කිසිවෙකුගේ බලපෑම මත ඇය ඉල්ලා අස්නොවූ බවත් එලෙස ඉල්ලා අස්වීමේ ඇතුලාන්තය තමා නොදන්නා බවත් ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.