වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සහ ආනුරධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇත.
ඡන්දයට පෙර පසුගිය 04 වැනිදා පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට එරෙහිව යමින් වරාය පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කිරීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව මෙලෙස අත්හිටවා ඇත.