විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ක්‍රමානුකූලව ගෙන්වා ගන්නා බවත් එතෙක් ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. මෙම ගැටලු පිළිබඳව සෑම කැබිනට් රැස්වීමකදීම සාකච්ඡා කරන බවත් ඔහු පැවැසීය.
මේ දක්වා විදේශයන්හි සිටි ශ්‍රී ලාංකිකයන් 6500ක් පමණ ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇති බවත් ඒ අතරින් 3000ක් පමණ සිසුන් බවත් ඔහු ප්‍රකාශ කළේය.