ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජාතික ඉරාන තෙල් සමාගම වෙත ලබා දිය යුතු හිඟ මුදල් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැවිලි අමාත්‍යංශය සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමකට 2021 දෙසැම්බර් 21 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී අත්සන් තබන ලදි.
ශ්‍රී ලංකාවේ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් හා වෙළඳ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අලිරේසා පේමන්පැක් මහතා තම රාජ්‍යයන් නියෝජනය කරමින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.
ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ආර්ථික සබඳතා සම්බන්ධයෙන් පවත්නා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කරමින් මෙම ගිවිසුමට අත්සත් තබන ලදි. ශ්‍රී ලංකා රජය සිදු කළ තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් වන හිඟ මුදල් ගෙවීම තුළින් ඉස්ලාමීය ඉරාන ජනරජය වෙත සිදු කෙරෙන ලංකා තේ අලෙවිය වැඩි කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වේ.