කොවිඩ් මරණ භූමදානය සදහා ඉරණතිවු ප්‍රදේශය තෝරා ගැනීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව තුළ මතුව ඇති නොසන්සුන් තත්වයට එළැඹෙන සදුදාට පෙර යහපත් ප්‍රතිචාරයක් ලබා දිය හැකි බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කිලිනොච්චි පච්චිපලෙයි පල්ලි ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“දැනට ඉරණතිවු ප්‍රදේශයේ කොරෝනා මරණ භූමදානයට කිරීමට ගත් තීරණය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග දුරකථනයෙන් සාකච්ඡා කළා.
එහිදී ඉරණතිවු ප්‍රදේශය කොරෝනා මරණ භූමිදානයට නුසුදුසු බවත් එම ප්‍රදේශයේ වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 26ක් රටට ලබා දෙන මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මාන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එම නිසා මෙම දූපත වෙනුවට විකල්ප ස්ථාන භාවිතා කරන ලෙස අමාත්‍යවරියට පෙන්වා දුන්නා. විකල්ප දූපත් කිහිපයක් හදුන්වා දුන්නා. එමනිසා එළැඹෙන සදුදා දිනයට කලින් අමාත්‍ය මණ්ඩලයෙන් යහපත් තීන්දුවක් ලැබෙනු ඇති බව විශ්වාසයි”