පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාර් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා ලබන 02 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.
මෙම පැමිණිල්ල අද (20) කැඳවනු ලැබූ අවස්ථාවේ දී කොළඹ ප්රධාන මහේස්ත්රාත් මොහොමඩ් මිහාල් මහතා විසින් එම නියෝගය කරනු ලැබීය.
කොච්චිකඩේ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය එල්ල කළ බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
එම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්රගතිය සලකා බැලීමෙන් පසුව අදාළ සැකකරු තවදුරටත් ලබන 02 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්රාත්වරයා නියම කළේය.