ඉරණතිවු ප්‍රදේශයේ ජනතාව තම අවශ්‍යතා ඉටු කර ගැනීමේදී ගමන් බිමන් යාමට යම් යම් අවස්ථාවන්හීදී ආරක්ෂක අංශ විසින් පනවා තිබු බාධා ලිහිල් කිරීමට 2021.03.08 පැවති කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී තීරණය විය.
ඉරණතිව් ප්‍රදේශයේ ජනතාව ධිවර කර්මාන්තය තම ජීවන වෘත්තිය ලෙස කරමින් ජීවත් වන අතර ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා ඉටු කර ගැනීමට ගමන් බිමන් යාමේදී තම අනන්‍යතාවය තහවුරු කර එම කටයුතු පහසුවෙන් සිදු කර ගැනීම සදහා පොලිස් මුරපොළක් ස්ථාපිත කර ජනතාවට පහසුව සලසා දෙන ලෙස සංවර්ධන කමිටුවේ සභාපති ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.