ඉරානයේ සිටි ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට අතුරුදන්ව ඇති කතක් සොයා ගැනීම සඳහා පොලීසිය මහජනතාවගෙන් තොරතුරු ඉල්ලා සිටියි.
ශාෆික් ජැස්මින් හසන් මහත්මිය සැප්තැම්බර් 18 දා ශ්‍රී ලංකාවට පැමිණ ඇතත් ඇය පිළිබඳව කිසිම තොරතුරක් නොමැති ඇයගේ පවුලේ සමාජිකයන් සඳහන් කර තිබේ.
ඇය වකුගඩු රෝගයෙන් පෙළෙන කාන්තාවක් බවත් ඇය සිය පවුලේ කිසිවෙකුටවත් දැනුම් දීමකින් තොරව ලංකාවට පැමිණ ඇති බවත් පොලීසිය පවසයි.
ඇය පිළිබඳව තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකාවේ ඉරාක තානාපති කාර්යාලය 011-2696600/0112696612 හෝ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය 011-2395605/0112384024 යන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය සඳහන් කරයි.