කොරෝනා ආසාදනය වූ එළවළු ව්‍යාපාරිකයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වීම හේතුවෙන් අද (24) පැවැත්වවෙමින් තිබූ ඉබ්බාගමුව සතිපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
මීට අමතරව ඉරිදා දිනයේ පැවැත්වෙන මැල්සිරිපුර සතිපොළද වසා දැමීමට පියවර ගෙන තිබේ.
මැල්සිරිපුර දිද්දෙණිය පදිංචිකරුවකු වන එළවළු ව්‍යාපාරිකයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු රැගෙන විත් ඉබ්බාගමුව සහ මැල්සිරිපුර සති පොළවල අලෙවි කරන්නෙකු වන අතර දඹුල්ලේදී කරන ලද පීසීආර් පරීක්ෂණයකදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (23) තහවුරු වී තිබේ.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන අද දින පැවැත්වෙමින් තිබූ ඉබ්බාගමුව පොළ දහවල් කාලයේදීම වසා දැමීමට පියවර ගෙන තිබේ.