විදේශීය නැවක සේවය කිරීම සදහා ඉන්දීය ජාතික නාවිකයන් 77 දෙනෙකු මුම්බායි නුවර සිට පැමිණෙන ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (21) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මොවුන් ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6E9091 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින සවස 5.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර්.පරීක්ෂණ සදහා සම්බන්ධ කර ගැනීමට කොළඹ පෞද්ගලික රෝහලක කාර්යය මණ්ඩලයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිති .
