ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ කහකිලෝ ග්‍රෑම් 6381ක් ටෝලර් යාත්‍රාවකින් මෙරටට ගෙන්වීමට සහ එම කහතොගය මිලදීගැනීමට කටයුතු කළ පුද්ගලයින් 13 දෙනෙකු මේ මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට හලාවත දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද පොලීසියට නියෝග කළේය.
මෙම ජාවාරම්කරුවන් සිවුදෙනෙකු පසුගිය 11දා ඉන්දීය ජාවාරම් කරුවන්ගෙන් ලබාගත් කහ තොගය ටොලර් යාත්‍රාවකින් මෙරටට ප්‍රවාහනය කර ඇති අතර ශ්‍රී ලංකා මුහුදුතීරයේ සිට නාවික සැතපුම් 10ක දුරකදී ශී‍්‍ර ලංකා නාවික හමුදාව සහ වෙරල ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව මෙම කහ තොගය මිලදීගැනීමට පැමිණි සැකකරුවන් නවදෙනෙකු හලාවත මුහුදුතීරයේදී සහ නගරයේදී අත්අඩංගුවට ගැනීමට හලාවත පොලීසිය සමත් වී ඇත.
මෙම පිරිස අවුරුදු 27 සහ 61 වයස් සීමාවන්වල සිටින බේරුවල කටුගස්තොට මහනුවර තොඩුවාව වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය කරගෙන ඇත. මෙම සැකකරුවන් වෑන්රථයකින් සහ කැබ්රථයකින් හලාවතට පැමිණ ඇති අතර ඔවුන් සන්තකව තිබි රුපියල් ලක්ෂ 23ක මුදලක්ද හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මුහුදේදී අත්අඩංගුවට පත් සැකකරුවන් ඉන්දියානු ජාවාරම් කරුවන් සමග සබඳතා පවත්වා ඇති හේතුවෙන් එම පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස මේවන විට රජයේ නීතිප්‍රකාරව නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.
