තොරතුරු පනත යටතේ ඉන්ධන මිල සූත්‍රය ඉල්ලා සිටියද එය ලබා නොදීම පිළිබඳව ඉදරියේදී මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් විමලේන්තිර රාජා මහතා හා පැවැති අභියාචනා විමර්ශනයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
“දහනමවන සංශෝධනය යටතේ අපට අලුත් මූලික අයිතිවාසිකමක් ලැබිලා තියෙනවා. ඒ තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය. ඒ නිසා මගේ මූලික අයිතිවාසිකම් මෙයින් කඩ වෙලා තියෙනවා. ඒ නිසා මේ තොරතුරු ලබා නොදුන්නොත් ලංකා ඉතිහාසයේ පළමු වරට තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුව අප පවරනවා කියලා අප එතුමන්ට දැනුම් දුන්නා.
එහිදී එතුමන් අපට සඳහන් කළා මිල සූත්‍රය දැන්ම හෙළි කළ නොහැකි බව. එමෙන්ම මිල සූත්‍රයට අමතරව මිල සූත්‍රය ගොඩනැගීම සඳහා පාදක කරගත් සංඝටක ද අප ඉල්ලා සිටියා. එම සංඝටක නුදුරු දිනකදී මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කරන බවට එතුමා පොරොන්දු වුණා. මේ සංඝටක ලබා දීමට එකඟතාවය පළ කිරීම අපේ ජයග්‍රහණයක්.
නමුත් අපේ බලාපොරොත්තුව මිල සූත්‍රය ම ලබාගැනීමයි. ඒ නිසා මේ සියල්ල ලබා ගැනීම සඳහා අපි අනිවාර්යෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනවා.”