ඉන්ධන මිළ සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිළ අවම වශයෙන් රුපියල් 20කින් අඩු කිරීමට හැකියාවක් තිබිණු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ලෝක වෙළඳපොලේ මිල ගණන් සංසන්දනය කරමින් ඉන්ධන මිල තීරණය කිරිම සඳහා පසුගිය ආණ්ඩුව ඉන්ධන සූත්‍රයක් ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව සෑම මාසයකම 10දා ඉන්ධන මිල සංශෝධනය කළේය.
සිංගප්පූරු වෙළඳ පොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 65 ක් ව තිබියදී 2019 සැප්තැම්බර් මස අවසන් වරට මිල සූත්‍රය ක්‍රියාත්මක කළ බවත් 2020 මාර්තු මස 07 වනදා වන විට ලෝක වෙලඳ පොලේ බොරතෙල් මිල 30 % ටත් වඩා අඩු ප්‍රමාණයකින් අඩු වී ඇතැයිද මංගල සමරවීර මහතා පවසයි.
වත්මන් රජය ජනතාවට සහන දීම පිළිබඳව සැබෑ ලෙසම උනන්දුවක් දක්වන්නේ නම් 2019 සැප්තැම්බර් 10 ට සාපේක්ෂව 2020 මාර්තු වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රු 20 කින් අඩු කිරීමට අවස්තාව ඇති බවත් ඔහු පවසයි.
ඉන්ධන වර්ගය
|
පැවැති මිල (රු)
|
2019/09/10 දා මිල (රු)
|
2020/03/10 තිබිය යුතු මිල (රු)
|
ඔක්ටේන් 92 පෙට්‍රල්
|
138
|
137
|
117
|
ඔක්ටේන් 95 පෙට්‍රල්
|
163
|
161
|
141
|
ඔටෝ ඩීසල්
|
104
|
104
|
84
|
ඔටෝ ඩීසල්
|
134
|
132
|
112
|