ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල් මිල හා ඔටෝ හා සුපිරි ඩීසල් මිල රුපියල් 5කින් අඩුකිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මෙසේ ඉන්ධන මිල ගණන් අඩු කිරිමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කරන බවයි.