මේ දිනවල චීනයේ පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයේ තෙල් මිල සුළු වශයෙන් අඩුවීමක් පෙන්නුම් කරන බවත් තවදුරටත් මිල පහළ යන්නේ නම් එහි වාසිය මහජනතාවට ලබාදෙන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
මෙම මිල අඩුවීම ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩුකිරීමට තරම් මිල අඩුවීමක් නොවන බවත් මීට සති 2කට පෙර ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවේ රු. 12කින් පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ දැමිය යුතු වුවත් රජය එසේ නොකළ බවත් ඔහු ප්‍රකාශ කළේය.
වර්තමානයේ ඉන්ධන මිල පහළ යාම ස්ථාවර තත්ත්වයක් නොවන බවත් එම තත්ත්වය කෙටිකාලීන මිල වෙනස්වීමක් පමණක් බව පෙනී යන බවත් ඔහු පැවැසීය.