මන්නාරම, තාරපුරම් ප්රදේශයේ ඊයේ (16) දින සිදු කළ වැටලිමකදි නීතිවිරෝධී බීඩි කොළ කිලෝග්රෑම් 946ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මන්නාරම, තාරපුරම් ප්රදේශයේ සිදුකළ වැටලිමකදී නිවසක් තුළ ගබඩා කර තිබු නීතිවිරෝධී බීඩි කොළ කිලෝග්රෑම් 946ක් මෙලෙස සොයා ගෙන ඇති අතර, ඒවා පාර්සල් 30ක අසුරා තිබිණි.
එමෙන්ම සැකකරුවන් විසින් බීඩී කොළ තොගය වෙරළ ප්රදේශයේ සිට අදාළ නිවස වෙත ප්රවාහන කිරීමට යොදා ගත් කරත්තයක් ද සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25, 48 සහ 60 ක් වන මන්නාරම තාරපුරම් ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර, එම බීඩි කොළ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ගෙන එන්නට ඇති බවටත් බීඩි කොළ තොගය හා සැකකරුවන් සහ කරත්තය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, රේගුව වෙත භාරදීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.