කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම සඳහා තෝරාගත් කාණ්ඩ කිහිපයක් හැරුණු විට සියලුම වීසා බලපත්‍ර මාසයක් සඳහා අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර තිබේ.
ඉන්දියාවේ විදේශ පුරවැසියන්ට ලබා දෙන වීසා රහිත ගමන් අප්‍රේල් 15 දක්වාද අත්හිටුවා ඇත. මේ වන විට ඉන්දියාවේ කොවිඩ් 19 වෛරස් රෝගීන් 60 ක් තහවුරු වී තිබේ.
මෙම සංඛ්‍යාව ඉදිරි දිනවලදී මෙම සංඛ්‍යාව වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දියාව සඳහන් කරයි.
බදාදා රාත්‍රියේ නිකුත් කරන ලද උපදේශනයට අනුව මෙම සීමාවන්ගෙන් නිදහස් වෙන්නේ රාජ්‍යතාන්ත්‍රික, නිල රැකියා සහ ව්‍යාපෘති වීසා පමණක් වන අතර එය මාසයකින් නැවත සමාලෝචනය කරන බව ඉන්දියාව සඳහන් කරයි.