ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාත්ෆයින්ඩර් පදනම පළ කළ අධ්‍යයන වාර්තාවේ පිටපතක් එහි නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා විසින් මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා වෙත පිරිනැමීය.
ඉන්දීය සාගර කලාපීය ආරක්ෂාව ගැන අවධානය යොමු කරන දින තුනක විශේෂ ඔන්ලයින් සංවාදයක් සංවිධානය කළ පාත්ෆයින්ඩර් පදනම එහි අවසන් නිල වාර්තාව නිකුත් කරන ලද අතර රටවල් තිස් පහක රාජ්‍ය නියෝජිතයෝ, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ක්ෂේත්රයේ විශේෂඥයන්, බුද්ධි මණ්ඩල නියෝජිතයන් සහ තෝරා ගත් සංවිධානවල නියෝජිතයන් එකසිය පනහකට වඩා මෙයට සහභාගී වූහ. දෙස් විදෙස් මාධ්‍ය වලට පවා එය විවෘත කරන ලදී.
සමුදුර ආරක්ෂාව හා නාවික ගමනාගමනයේ නිදහස තේමාව කරගෙන සිංගප්පුරු විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන අංශයේ මහාචාර්ය සී රාජමෝහන් මහතා මෙම සමුළුවේ පළමු සැසිය මෙහෙයවන ලදී.
දෙවැනි සැසිය, ආසියානු කලාපයේ සබදතා තරකිරීම මැයෙන් දකුණු ආසියානු වැඩසටහනේ අධ්‍යක්ෂක ආචාර්ය ෆෙඩි්රක් ග්රෙයා මහතා ද තුන්වන සැසිය ජාත්‍යන්තර සාමය බලවත් කිරීම මැයෙන් හිටපු තානාපති සහ දකුණු හා මධ්‍යම ආසියානු රටවල් ස`දහා වූ ඇමරිකානු සහකාර ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා මෙහෙයවීය.
ඉන්දියාව, රැසියාව, ඇමරිකාව, සිංගප්පුුුරුව, දකුණු අප්‍රිකාව, ඔස්ටේ්රලියාව, චීනය, ජපානය සහ ශ්‍රී ලංකාවේ නියෝජිතයෝ මෙම සැසි වල දී සජීවී අන්තර් ජාල සම්බන්ධතා වලින් සිය නිබන්ධන ඉදිරිපත් කළහ.
පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක සහ ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ශිවශංකර් මෙනන් යන මහත්වරු මෙම සමුළුවේ සම සභාපතිධුර හෙබැවීය.