ඉන්දියානු රජය මගින් වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදි කරන වතු නිවාස යෝජනා ක්‍රමය යටතේ ආගරපතන ඩයගම ඩෙස්පොඩ් වතුයායේ ඉදි කරන වතු නිවාස 150 වතු කම්කරු අයිතියට පත් කිරිම අද (20) සිදු විය.
අමාත්‍ය පලින් දිගම්බරම්, අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ ශ්‍රි ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය කොමසාරිස් ශ්‍රි පාත් අම්මි මහතුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස යෝජනා ක්‍රමය වතුකම්කරු අයිතියට පත් කරනු ලැබිය.
එම නිවාස යෝජනා ක්‍රමය එබ්රහම් සිංයෝ ගම්මානය වශයෙන් නම් කර තිබේ.
පර්චස් 7ක ඉඩම් කැබැල්ලක සියළුම පහසුකම් සහිතව එක් නිවසක විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක් , මුළුතැන්ගෙයක් , සනිපාරක්ෂක පද්ධිතයක් ඇතුළු මං මාවත් සහ විදුලිය සහ පානිය ජලයද මෙම නිවාස යෝජනා ක්රමයේ සමන්විත වන අතර මෙම එක් නිවසක් වර්ග අඩි 750කින් සමන්විත වෙයි.
මෙම නිවාස යෝජනා ක්රමයේ එක් නිවසක් සදහා ඉන්දියානු රජයෙන් රු ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග වශයෙන් ලබාදි ඇති අතර කදුරට නව ගම්මාන අමාත්‍යංශයෙන් එම එක් නිවසක් සදහා රු ලක්ෂ 2ක් ඇතුළු එක් නිවසකට රු ලක්ෂ 12 ප්‍රතිපාදන යටතේ මුළු නිවාස 150 සදහා රු මිලියන 170ක ප්‍රතිපාදන වැය කර ඇත.
වත්මන් රජයේ වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි වන නව වතු නිවාස යෝජනා ක්‍රමයට අමතරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතුන්ගේ ඉන්දියානු රජයෙන් කරන ලද ඉල්ලිමක් මත මෙම නිවාස යෝජනා ක්‍රමය ඉදි කර වතුකම්කරු අයිතියට පත් කර තිබේ.