කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර කාර්ය මණ්ඩල සාමාජිකයකු කොවිඩ්-19 රෝගියකු බව ඊයේ තහවුරු වී ඇති බවත්, එම පුද්ගලයා මේ වනවිට ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම කාර්ය මණ්ඩල සාමාජිකයාගේ රාජකාරි ස්වභාවය අනුව එම පුද්ගලයා සහ මහ කොමසාරිස් කාර්යාල ගොඩනැගිල්ල සහ නිලධාරීන් අතර පවතින්නේ අවම සම්බන්ධතාවක් බවත්, ඉතාම සුළු සංඛ්‍යාවක් වන ඔහුගේ පළමු ආශ්‍රිතයන් නියමිත සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුව PCR පරීක්ෂණ හා අදාළ වෙනත් ක්‍රියාවලීන් වෙත යොමු කර ඇති බවත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාව තුළ පවතින කොවිඩ්-19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහ කොමසාරිස් කාර්යාලය පසුගිය සති කිහිපය තුළ අවම කාර්ය මණ්ඩලයක් සහිතව ක්‍රියාත්මක කෙරුණු බවත්, මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කරන ලද අතර, ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවද දන්වා සිටියි. එමෙන්ම හැකි සෑම අයුරකින්ම කොවිඩ්-19 වසංගතයට එරෙහිව ඵලදායි ලෙස සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉන්දියාව තවදුරටත් කැපවී සිටින බවද මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.