ඉන්දියන් ඔයිල් සමාගම හරහා අලෙවි කරන පෙට්‍රල් හා ඩීසල්වල මිල සංස්ථාවේ තෙල් මිලට සමාන කරන ලෙස ඉල්ලා ඉන්දියන් ඔයිල් සමාගමේ බෙදුම්කරුවෝ අද (05දා) විරෝධතාවක නිරත වූහ.
ඉන්දියන් ඔයිල් සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය තුළට ගොස් බෙදුම්කරුවෝ විරෝධය පළ කර සිටියහ.
තෙල් සංස්ථාව පෙට්‍රල් ලීටරයක් රුපියල් 145කට අලෙවි කරමින් සිටියදී ඉන්දීය ඔයිල් සමාගම පෙට්රරල් ලීටරය රුපියල් 153කට අලෙවි කරන බවත්, මේ නිසා ඉන්දියන් ඔයිල් සමාගම යටතේ සිටින බෙදුම්කරුවන්ගේ ආදායම අඩු වී තිබෙන බවත් එම පිරිස් පෙන්වා දෙති.
මීට අමතරව ඩීසල් ලීටරයක් සංස්ථාව රුපියල් 116කට ලබා දෙමින් තිබියදී ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රල් ලීටරය රුපියල් 118කට අලෙවි කරන බවද එම පිරිස් සඳහන් කරති.
මේ නිසා මිල ගණන් සමාන කරන ලෙස ඉල්ලා බලධාරීන්ට ලිපියක් භාරදුන් බවද බෙදුම්කරුවෝ ප්‍රකාශ කළහ.