ඉන්දිය ජාතිකයින් මුහුදු මාර්ගයෙන් දිවයිනට පැමිණිම වැලැක්වීම සඳහා මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව තරකර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දකුණු ඉන්දියාවේ සිට පුද්ගලයින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවට තොරතුරු වාර්තා වුණ බවත් එය සැලකිල්ලට ගනිමින් නාවික හමුදා ආරක්ෂක වලලු තර කිරීමට පියවර ගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.