තෙදින සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හෙට (05දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
2021 දී ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු විදේශීය සම්භාවනීයයා ජයශංකර් මහතා වෙයි.