දිනෙන් දින උතුරු මුහුදට පැමිණෙන ඉන්දීය ධීවරයින්ගේ ගැටලුව විසඳා දෙන ලෙස ඉල්ලා යාපනයේ ධීවරයින් විසින් විරෝධතා පාගමනක් ඊයේ (27) දින සංවිධානය කොට තිබුණි.
යාපනයේ සියලුම ධීවර සංගම් නියෝජිතයින් මෙම විරෝධතා පාගමන සංවිධානය කොට තිබූ අතර පාගමන සඳහා ධීවරයින් විශාල පිරිසක් සහභාගී වූහ.
එහිදී විරෝධතා පාගමන යාපනයේ පන්නෙයි ධීවර හා ජලජ සම්පත් දෙපාර් ත මේන්තු කාර් යාලය ඉදිරිපිටින් ආරම්භ වී යාපනය නගරයේ බස්නැවතුම්පල හරහා යාපනයේ පිහිටි ඊ.පී.ඩී.පී. පක්ෂ නායක හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ කාර් යාලය දක්වා ගමන්කර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හමු වී සන්දේශයක් භාරදීමට පියවර ගැනුණි.
එහිදී විරෝධතාවයේ නිරත වූ ධීවරයින් වැඩිදුරටත් පවසා සිටියේ,
‘ඉන්දීය ධීවරයින් යාපනය මුහුදු ඇතුලු උතුරු මුහුදට පැමිණීම හේතුවෙන් උතුරේ ධීවරයින්ගේ ධීවර කර් මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතරම ආර්ථකයටද දැඩි පසුබෑමකට ලක්ව ඇති බවටය. මේ දිනවල ඉන්දීය ධීවරයින්ගේ පැමිණීමද ශීඝ්‍රයෙන් වැඩී වී ඇති හෙයින් උතුරේ ධීවරයින්ට ධීවර කටයුතු වල නියැලීමට පවා සිදුව ඇති බැවින් වහාම ඉන්දීය ධීවර ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටියහ.
සන්දේශය භාරගත් අමාත්‍ය ඩග්ලස් සේවානනද් මහතා මේ පිළිබඳව ඉන්දීය බලධාරීන් සමග ඉදිරියේදී සාකච්ඡා කොට විසඳුමක් ලබා දීමට බලාපොරොත්තුවන බවටද විරෝධතා කරුවන්ට පැවසීය.