ඉන්දියාවෙන් ගෙනා එන්නතක ඒඩ්ස් සංඝටක ඇත බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා සත්‍යයෙන් තොර බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
එම පුවත සම්බන්ධයෙන් ඔහු කළ පැහැදිලි කිරිමක් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සිය ෆේස් බුක් ගිණුමට එක්ක තිබේ.
“මේ දක්වා ශ්‍රී ලංකාවට ගෙන්වන ලද කිසිම එන්නතක් Reliance life science යන සමාගමෙන් ගෙන්වා නැත.
මෙම ලිපියේ අඩංගු ප්‍රතිදේහ ඖෂධය පවා කිසිම සැකයකින් තොරව ඒඩ්ස් සංඝටක නොමැති බවට ඖෂධ නියාමන අධිකාරිය තහවුරු කිරීමෙන් පසුව පමණක් ආනයනය කිරීමට කටයුතු කරන බව වගකීමෙන් ප්‍රකාශ කරමු.” යැයි එම සටහනේ දැක්වෙයි.