ඉන්දියාවේ රාමේෂ්වරන් සිට ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරම දක්වා මගී ප්‍රවාහන යාත්‍රා සේවය යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමතුරංග මහතා පැවැසීය.
යාපනයේ පැවැති වැඩසහනකදී ඔහු අද (27දා) මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය රජය සමයේදී මෙම මගී ප්‍රවාහන සේවය අත්හිටවූ බවත් ඒ සඳහා හේතු පැවැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. උතුරු පළාත් සභාවේ ඉල්ලීම අනුව පළාතේ සංචාරක සේවය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන යළි ක්‍රියත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.