ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතර කටුනායකදී ඊයේ (16දා) නිමාවූ තෙවැනි එක්දින තරගය නැරඹිම සඳහා පැමිණි සිටි සැකකටයුතු ඉන්දීය ජාතිකයන් පස් දෙනෙක් ක්‍රීඩාංගණයෙන් ඉවත් කිරිමට කටයුතු කළ බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ විරෝධී ඒකකය හා ශ්‍රී ලංකා පොලීසිය එක්ව මෙම සැකකටයුතු පුද්ගලයින් ක්‍රීඩාංගණයෙන් ඉවත් කර ඇත්තේ සැකකටයුතු ලෙස අධික ලෙස දුරකතන ඇමතුම් ලබා ගැනීම හේතුවෙනි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයටද දැනුම් දී ඇත.