යොහාන් භාසුර ඩුබායි ක්‍රීඩාංගණයේ සිට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන 14 වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර අනිද්දා (19දා) ඩුබායිහිදී පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත්වලට දැඩි ඉල්ලුමක් ඇතිවීම නිසා සාමාන්‍ය මිලට වඩා සිවු ගුණයකින් පමණ වැඩි මිලට ප්‍රවේශපත් අලෙවි වන බව වාර්තා වේ.
එම තරගයේ ‘ප්ලැටිනම් ප්‍රවේශපතක සාමාන්‍ය මිල ඩිරාම් 750ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 33,750ක් පමණ වන අතර, මේ වනවිට එම ප්‍රවේශපතක් ඩිරාම් 2000කට හෙවත් රුපියල් 90,000කට අන්තර්ජාලයේ අලෙවි විය.
එම තරගයේ ප්‍රභූ පංතියේ ප්‍රවේශපතක් ඩිරාම් 6000ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 270,000ක් පමණ වේ. තවද ඉහළ පංතියේ ප්‍රේක්ෂකාගාරයක ප්‍රවේශපතක සාමාන්‍ය මිල ඩිරාම් 5000ක් හෙවත් රුපියල් 225,000ක් පමණ වේ.
එම තරගයේ ප්‍රවේශපත් සෙසු තරගවල ප්‍රවේශපත්වලට වඩා සාමාන්‍ය මිල සිවු ගුණයකට වඩා වැඩි අතර, එම තරගයේ අඩු මිල ප්‍රවේශපතක් ඩිරාම් 150ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 6750ක් පමණ වේ. එම තරගයේ විශේෂ ප්‍රවේශපත් හැරෙන්නට සෙසු සියලුම ප්‍රවේශපත් පසුගිය සිකුරාදා වනවිට අලෙවි තිබුණි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පසුගිය සෙනසුරාදා පැවැති තරගයේ අඩුම ප්‍රවේශපතක් ඩිරාම් 35ක් හෙවත් රුපියල් 1575 ක් පමණ විය. එම තරගයේ ප්‍රභූ පංතියේ ප්‍රවේශපතක සාමාන්‍ය මිල ඩිරාම් 2000ක් හෙවත් රුපියල් 90,000ක් විය.