ඉදිරි කාලය සදහා අයවැයක් ඉදිරිපත් කිරීම ගැන තීරණය බදාදා - අමාත්‍ය කෙහෙළිය
නව රජය පත්වීමත් සමග ඉදිරි කාලය සදහා අයවැයක් ඉදිරිපත් කරනවාද හෝ එසේ නැතිනම් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර අදාළ කාළය සදහා කටයුතු කරනවාද යන්න පිළිබදව තිරණය ලබන බදාදා රැස්වෙන කැබිනට් මන්ඩල රැස්විමේදි තිරණය කරනු ලබන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවැසුයේ අද (16) එතුමාගේ හා රජයේ ජයග්‍රහණය වෙනුවෙන් මහනුවරදි පැවැති උත්සව අවස්ථාවේදි මාධ්‍ය වේදින් නැගු පැනයට පිල්තුරු දෙමිනි.
එහිදි අමාත්‍යවරයා මෙසේ පැවැසිය.
සාමාන්‍යෙයන් දෙසැම්බර් මාසය වන විට අයවැය ඉදිරිපත් කල යුතුයි නමුත් මේ ටික කාලයට අයවැයක් ඉදිරිපත් කරනවාට වඩා අතුරු සම්මත ගිනුමක් මගින් අදාල කාලය ගත කරනවාද යන්න ලබන බදාදා රැස්වෙන් අමාත්‍ය මණ්ඩලයේදි ගනු ලබන බවද එහිදි පැවැසිය.
පළාත් සභා මැතිවරණය පැවැත්විම පිළිබදව නිතිමය පසුබිමක් ඇති බවත් එය විසදා ගැනිම සදහා සදහා තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බවත් එය ලැබි ඇති බැවින් 13 වන සංසෝධනයේ ඇති වි ඇති ප්‍රස්න විසදා ගනිමින් එම මැතිවරණය ඉතාමත් කඩිනමින් පැවැත්විමට කටයුතු කරනු ලබන බවද අමාත්‍යවරයා එහිදි කිය.
චමිල් රුපසිංහ

popular news
-
Deepal Nirosh Monday, 17 August 2020 10:20 AM
තීරණ මොකට ද? අනිවාර්යයෙන්ම ඉදිරි මාස හතරට අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. තමුන්ට 2/3 ක බලයකුත් දීල තව දුරටත් පාර්ලිමේන්තුව නො සලකා කටයුතු කරනව නම් මොකටද මේ සා මුදල් කන්දරාවක් මැතිවරණයකට යටකළේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

