රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේ දී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට උපදෙස් දී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
දේශීය ව්‍යාපාර ප්‍රවර්ධනය එහි අරමුණ බව බත්තරමුල්ල තලවතුගොඩ ජන හමුවකදී මොරටුව ලී බඩු නිෂ්පාදකයන් පිරිසක් ඉදිරිපත් කළ ගැටලුවකට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා කීය.
ප්‍රදේශයේ ජනතා ගැටලු රැසක් සවිස්තරව ජනාධිපතිතුමා වෙත යොමු කෙරුණු අතර මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරපුර බේරා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
බන්ධනාගාර රැඳවියන් නඩත්තුවට රජයෙන් වියදම් නොකර ඔවුන් ආර්ථික උත්පාදන ව්‍යාපෘති සදහා යොදවා වියදම් පියවා ගැනීමට ජනතාව ජනාධිපතිතුමා වෙත යෝජනා කළහ.
නවගමුව, අතුරුගිරිය, තලංගම රෝහල් නවීකරණය ඇතුළු ජනතා ඉල්ලිම් ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කෙරිණ.
පාසල් දරුවෙක් අධික බර පාසල් බෑගය වෙනුවට සරල පාසල් බෑගයක් හඳුන්වාදීමට මැදිහත් වන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළේය.
වසර 47 එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකුව සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. තිලකරත්න මහතා අතුළු පිරිසක් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට මෙහිදී සහය පළ කළහ.